කැසිනෝ, සූදු පොළවල්, සමාජශාලා බලපත් පරීක්ෂාවට

Published in පුවත්
Thursday, 19 March 2015 08:10

රට පුරා ඇති කැසිනෝහල්, සූදු පොළවල්,රාත්‍රී සමාජ ශාලාවල බලපත්‍ර පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් පොලිසිය මගින් ක්‍රියාත්මක කර තිබේ.

මහා පරිමාණ සහ සුළු පරිමාණ කැසිනෝ හල්, තුරඟ තරග සූදූ පොළවල් , සමාජ ශාලා දහසකට වැඩි ප්‍රමාණයක් රට පුරා තිබෙන අතර ඒවායින් වැඩි ප්‍රමාණයකට බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණි. ඒවා පරීක්ෂා කර බලපත්‍ර පිළිබඳ සොයා බැලීමට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ලැබුණු උපදෙස් මත මෙම පරීක්ෂා කිරීම සිදුවෙයි.

මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක්‌ හා ගල්කිස්‌ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ කැරොකේ රාත්‍රි සමාජ ශාලාවක්‌ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් 17 දා වටලන ලදී.

සමාජ ශාලාවක බලපත්‍ර කොන්දේසි කඩකිරීම් සම්බන්ධ චෝදනා මෙන්ම තීරු බදු නොගෙවන ලද විදේශ මත්පැන් ළඟ තබා ගැනීම අනවසර මත්පැන් පීඨිකා පවත්වාගෙන යාම වැනි චෝදනා දෙමටගොඩ සමාජශාලාවට එරෙහිව ගොනුකර ඇති බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

ගල්කිස්‌සේ මේ සමාජ ශාලාවට බලපත්‍රයක්‌ තිබී නැති අතර එහිදී මත් පැන් තොගයක්‌ සමග අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව විශේෂ මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.

Last modified on Thursday, 19 March 2015 08:30

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us