එවැනි නිර්මාණ කීපයක් ඉදිරිපත් කරන්න අපි හිතුවා.
Christ the Abyss

ඉතාලියේ තිබෙන ජේසුස් වහන්සේගේ මෙම ප්‍රතිමාව මුහුද යට තැන්පත් කර තිබෙන්නේ 1954 වසරේදීයි. තඹ වලින් සාදා ඇති ප්‍රතිමාව මීටර් 17ක් පමණ ගැඹුරේ ගිල්වා තිබේ.
Meteora

ග්‍රීසියේ පිහිටා ඇති මෙම ආශ්‍රමය ලෝකේ ඇති විශාලම ආරාමයක් ලෙස සැළකේ. එමෙන්ම මෙය සාදා තිබෙන්නේ ස්භාවික වැලි ගල් ආධාරක ලෙස භාවිතා කිරීමෙනි. 1920 වනතෙක්ම මෙම ආශ්‍රමයට ළඟාවීමට හැකි මාර්ගයක් නොතිබූ අතර ගමන් කිරීම සඳහා භාවිතා කරනු ලැබුවේ ඉනිමං සහ දැල් පමණි.
Rungnado May Day Stadium

උතුරු කොරියාවේ අගනුවර පිහිටා ඇති මෙය ලෝකයේ ඇති විශාලතම ක්‍රීඩාංගනය ලෙස හැඳින්වේ. මෙහි එක්ලක්ෂ පනස්දහසකට පමණ අසුන් ගත හැකි බව පැවසේ. එසේම වර්ග අඩි මිලියන 2.2ක් පුරා මෙම ක්‍රීඩාංගනය විහිදී තිබේ. අඩි 197ක උසකින් යුක්ත වේ.
Ta Prohm

කාම්බෝජයේ පිහිටා ඇති මෙම සොහොන ක්‍රිස්තු වර්ෂ 562 දී 7වන ජයවර්මන් විසින් ඉදිකරන ලද්දකි. මෙය සොහොනක් වුවත් ඉදිකර ඇති ස්වරූපය අනුව පන්සලක හැඩය ගනියි.
The ‘Opera on the Lake’ Stages of Bregenz

1985 වසරේ ඉදිකර ඇති මෙම අපූරු වේදිකාව ඔස්ට්‍රියාවේ විවිධ කලා කටයුතු සඳහා යොදාගන්නකි.
Derweze forever burning crater

කරකුම් කාන්තාරයේ පිහිට තිබෙන මෙම ගිනි කඳු ආවාටය නිරන්තරයෙන් ඇවිලෙමින් පවතියි. මෙය ගිනි ගැනීම ඇරඹී තිබෙන්නේ 1971 වසරේ සිටයි. එසේම නොනවත්වා ගිනි ගැනීමට හේතුව වශයෙන් සඳහන් වන්නේ ආවාටය තුලින් ගෑස් නිකුත්වීමයි. මෙය බොහෝ දෙදෙනක් අපායේ දොරටුව වශයෙන්ද හඳුන්වයි.
Socotra

ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දූපත් හතරක් වන මෙහි ඇති සියලුම ශාක අමුතු හැඩයකින් යුක්ත වේ. මේ හැඩයේ ශාක එම දූපත් හතරේ හැර ලෝකයේ වෙන කිසිඳු තැනක හමුවී නැත.

