ගොවියා රජ කරවන යුගයක ආරම්භය 22 දා

Published in පුවත්
Friday, 20 March 2015 15:43

අස්වැන්න වැඩි කාලයේදී ඒවා වැඩි මිලකට විකුණා ගත නොහැකිව අසරණ වන ගොවි රජවරුන්ට එම අස්වනු ගබඩාකර තබා හොඳ මිලක් සහිත කාලයකදී විකුණා ගැනීමට හැකිවන පරිදි ගුදම් /ගබඩා පහසුකම් සැලසීමේ යෝධ ව්‍යාපෘතිය විවෘත කිරීම අනිද්දා (22) සිදුකෙරේ.

ශ්‍රී ලංකාව මුල් වරට ඉදිරි ගිවිසුම් ආශ්‍රීත Commodities exchange සංකල්පය ක්‍රියාත්මක කිරිමට පාර කපමින් ලෝක බැංකුවේ ඩොලර් මිලියන 6.5ක සහණ ණය ආධාර යටතේ වන මෙම ව්‍යාපෘතිය මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් විවෘත කරන බව මුදල් අමාත්‍යාංශය කියයි.

'ගුදම් කුවිතාන්සි මුල්‍යකරන ව්‍යාප්තිය' නම් මේ ව්‍යාප්තිය යටතේ ,අනුරාධපුර ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ මෙට්ට්‍රක් ටොන් ලක්ෂ 05ක ධාරිතාවය ඇති වර්ග අඩි 20,000ක දැවැන්ත ගුදම මේ අනුව එදින විවෘත කිරිමට කටයුතු කරන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු කීවේය.


මෙහි කළමනාකාරිත්වය පිළිබඳ අදාල ටෙන්ඩර් කැදවිමෙන් පසු ප්‍රාදේශිය සංවර්ධන බැංකුව වෙත පවරා ඇත.


ඉදිරියේදි, මන්නාරම,මොණරාගල යන ප්‍රදේශවලත් මෙම ගුදම් ඉදි කරන්න බලාපොරොත්තු වන මෙම ප්‍රකාශකයා පවසා සිටියේය.


බඩ ඉරිගු,වී,උඳු සහ සෝයා යන ධන ධාන්‍ය මෙහිදි අස්වැන්න වැඩි අවස්ථාවලදි රැස් කර මෙහි ගබඩා කර තබා ඉදිරියේදි මිල අධික කාලයන් වලදි විකුණා ගැනිමට අදාල පහසුකම් ලබා දෙන බව මෙම ප්‍රකාශකයා කීය.


'අපි කිලෝවකට ශතයක පමණ මුදලක් මුල් මාස 02 තුල බලපැවෙත්වෙන පරිදි මෙම ගබඩා පහසුකම් ලබා දිම වෙනුවෙන් අදාල ගොවි මහතුන්ගෙන් මාසයක් සදහා අය කරනවා.තුන්වන මාසයේ මෙය කිලෝවකට ශත භාගයයි.අපේ ගබාඩා පහසුකම් ලබා දිමේ උපරිම කාලය දින 120 ක්' යි යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මුදල් අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ අදාල ගබඩා වල භාර කරු ලෙස අදාල ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් වරයා කටයුතු කරනු ඇත.

ගබඩාවේ මෙහෙයුම් කටයුතු පුද්ගලික අංශයේ පාලනයට ලබා දිමට නියමිතය.

අදාල නිශ්පාදන මෙම ගබඩාවන්හි තැන්පත් කළ බවට ලබා දෙන නිල කුවිතාන්සිය ඉදිරිපත් කර දින 120ක කාලයක් සදහා අදාල ගබඩාවේ ඇති ධාන්‍ය වල වටිනාකමින් අඩකට බැංකු ණය ලබා ගැනිමේ වරමද හිමිවන බව මෙම ප්‍රකාශකයා පවසා සිටියේය.


randora.lkඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us