මහින්ද, ඡන්ද ඉල්ලන්න ඕනෙ නම් හන්දි ගානෙ කෑ නොගහා ඉල්ලුම් පත්‍රයක් එවන්න.

Published in පුවත්
Monday, 23 March 2015 06:48

තමන්ව අගමැති අපෙක්ෂකයා කරන ලෙස තැන තැන අනාත කණ්ඩායම් මෙහෙයවමින් කෑකෝ ගැසන්නේ නැතිව ඒ වෙනුවෙන් ඉල්ලුම් පත්‍රයක් එවා නිසි ක්‍රමවේදයක් අනුව ක‍ටයුතු කිරීම අවස්ථාව හිටපු ජනපතිවරයාට ලැබී තිබේ.

ඒ අනුව,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මීළඟ මහා මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ඉල්ලීමට කැමැත්තේ නම් ඒ සඳහා පක්ෂයට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතු බවත් ඔහු  තරග කිරීමට බලාපොරොත්තු වන දිස්ත්‍රික්කය සහ ආසනය කුමක්ද යන්න ඉල්ලුම් පත්‍රයේ සඳහන් කළ යුතු යැයි ද විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පක්ෂයේ ක්‍රමවේදය එය බව සඳහන් කළ විපක්ෂ නායකවරයා එසේ නැතිව අගමැති අපේක්ෂකයා ලෙස කිසිවෙක් නම් නොකරන බවත් රත්නසිරි වික්‍රමනායක, මහින්ද රාජපක්ෂ සහ දි. මු. ජයරත්න යන අයගෙන් කිසිම අයෙකු එසේ නම් නොකළ අය බව ද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රීලනිප දෙකඩ කරන්න හුඟාක් අය බලන් සිටිනවා. එවැනි දෙයකට අප කෙසේවත් ඉඩ තියන්නේ නැහැ. අපි ශක්තිමත්ව සමගියෙන් කටයුතු කරනවා පමණක් නෙමෙයි, අපගේ පාක්ෂිකයින් දන්නවා මොන යම් දෙයකින් හරි පක්ෂය දෙකඩ වුණොත් එහි වාසිය යන්නේ එජාපයට කියලා. ඒ හින්දා මේ වගේ කැලඹිලි ඇති කරන්නේ එජාපයේ කොන්ත්‍රාත් එකක් නිසා වෙන්නත් පුළුවන් යැයි විපක්ෂ නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

මූලාශ්‍රය දිවයින

Last modified on Monday, 23 March 2015 06:52

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us