ලෝක ක්ෂය රෝග දිනය අදයි

Published in පුවත්
Tuesday, 24 March 2015 11:04

ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී ඇත.“හඳුනානොගත් රෝගීන් 4000ක් අප අතර, හඳුනාගනිමු, ප්‍රතිකාර කරමු, සැමට සුවය සදමු“ යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාව යි.

ක්ෂය රෝගය පිළිබඳ ජාතික වැඩසටහන අද මහනුවර දී පැවැත්වේ. එම රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ද අද පෙරවරු 8.30ට මහනුවර ළය චික්ත්සාගාරය අසලින් ආරම්භ වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නොකඩවා පවතින කැස්ස ක්ෂය රෝගයක මූලික ලක්ෂණ ලෙස සැලකෙන අතර මෙවැනි තත්ත්වයකදී රෝහලකට ගොස් සෙම පටල පරික්ෂාවක් කර වැළඳී ඇත්තේ ක්ෂය රෝගයදැයි නිශ්චිතව හඳුනා ගත හැකිය.

ක්ෂය රෝගයට ලොව පුරා වාර්ෂිකව මිලියන දහයක පමණ දෙනා ගොදුරු වන අතර සෑම තතත්පර පහළොවකට වරක්ම ලොව කොතැනක හෝ පුද්ගලයෙකු ක්ෂය රෝගය හේතුවෙන් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනාවරණ කරයි. ක්ෂය රෝගීන් වැඩි ප‍්‍රමාණයක් ජීවත්වන රටවල් ලෙස රටවල් විසි දෙකක් නම් කර තිබේ. ශ‍්‍රී ලංකාවද ඊට අයත් බව ක්ෂය රෝග මර්ධන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩිසටහන පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වසරකට ක්ෂය රෝගීන් 9000ක් පමණ බව වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us