ඉන්දීය ධීවරයින් 54 ක් මුදාහරී

Published in පුවත්
Tuesday, 24 March 2015 12:48

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසකට නිදහස ලබා දී තිබේ.

පසුගිය ඉරිදා අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු මෙලෙස නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.අදාළ ධීවරයින් පිරිස සමඟ ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගත් යාත්‍රා නිදහස් කර නොමැති බව ද වාර්තා වේ.

අද දිනයේ චෙන්නායිහිදී පැවැත්වෙන ඉන්දු ලංකා ධීවර සාකච්ඡාවලට සමගාමීව මෙම ධීවරයින් පිරිස නිදහස් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් ඊයේ දිනයේ වැඩ වර්ජනයක ද නිරත වී ඇත.

අද දිනයේ පැවැත්වෙන ධීවර සාකච්ඡාවලට සහභාගී වන්නේ ධීවරයින් පිරිස නිදහස් කරන්නේ නම් පමණක් බවට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබුණි.

ධීවරයින් පිරිස නිදහස් කරන බවට ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු පොරොන්දුවක් හේතුවෙන් ධීවර සාකච්ඡාව සඳහා සහභාගී වීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us