ශ්‍රි ලනීපය දෙකඩ කිරීම සාර්ථකයි. 26ක් රත්නපුර වේදිකාවේ Featured

Published in පුවත්
Friday, 27 March 2015 08:35

ශ්‍රි ලනීපය දෙකඩ කරමින් මහින්ද රායජපක්ෂ අගමැති කරවීමේ ව්‍යාපාරය ඊයේ (26) රත්නපුර නාගරික ක්‍රීඩා පිටිය අසල කුලී රථගාලේ පැවැති රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 26 දෙනෙක් සහභාගි වූහ.

රැලියට සහභාගි නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පාක්ෂිකයන්ට දැනුම් දී තිබියදී එම නියෝග නොතකා මේ පිරිස රැලියට සහභාගි වී සිටියහ.

විදෙස්ගතව සිට පැමිණි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වේදිකාවට එක්වූ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් සමඟ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සියයට අසූවක්ම සහභාගි වූ බවය.

රැස්වීම ආරම්භ කර සුළු මොහොතකින් ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලීමත් සමඟ මිනිසුන් වර්ෂාවේ තෙමි තෙමී වේදිකාවට ගොඩවීමට උත්සාහ කිරීම නිසා අසීරු තත්ත්වයක් උද්ගතව තිබිණ.

මාධ්‍යවේදීන් සඳහා ඉදිකර තිබූ අට්ටාලයේ මේසයක් මේ තදබදය නිසා කඩාවැටී ඇත.

මෙම රැලිය රත්නපුර නාගරික ක්‍රීඩා පිටිය අසල රථගාලේ පැවැත්වීම නිසා විශාල වාහන තදබදයක් පැවැති අතර වාහන සැතපුම් ගණන් පෝළිමට එහා මෙහා යාමට නොහැකිව නතර වී තිබෙනු දක්නට ලැබිණ.


‍රැළියට සහභාගී වූ මන්ත්‍රීවරු

මනුෂ නානායක්කාර,
රංජිත් ද සොයිසා,
සනී රෝහන කොඩිතුවක්කු,
ලොහාන් රත්වත්ත,
දිලුම් අමුණුගම,
මහින්දානන්ද අලුත්ගමගේ,
එස් එම් චන්දුසේන,
එස්.සී මුතුකුමාරණ,
ෂෙහාන් සේමසිංහ,
වයි.ජී පත්මසිරි,
ශ්‍රියානි විජේවික්‍රම,
ගාමිණි ලොකුගේ,
බන්දුල ගුණවර්ධන,
රෝහිත අබේගුණවර්ධන,
කුමාර වෙල්ගම,
සාලින්ද දිසානායක,
ටී.බී ඒකනායක,
උදිත ලොකුබණ්ඩාර,
චාම්ක බුද්ධදාස,
වී.කේ ඉන්දික,
ජානක බණ්ඩාර,
කමලා රණතුංග,
විදුර වික්‍රමනායක,
ගීතාංජන ගුණවර්ධන,
වීරකුමාර දිසානායක
රොෂාන් රණසිංහ

Last modified on Friday, 27 March 2015 08:43

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us