නිදහස් WiFi කලාප 26 මෙන්න

Published in පුවත්
Monday, 30 March 2015 08:04

රජයේ දින 100 වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් නොමිලේ වයිෆයි කලාප 26ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පෙරවරු 10.00ට කොටුව දුම්රිය ස්ථානයේ දී සිදුකෙරේ.

රජය විසින් පිහිටුවන මෙම වයිෆයි කලාප හේතුකොට ගෙන අද සිට අන්තර්ජාල පහසුකම් නොමිලේ මහජනතාවට ලබා ගැනීමට හැකිය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය, පිටකොටුව ලංගම ප්‍රධාන බස් නැවතුම් පොළ, පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ, ප්ලෝටීන් වෙළෙඳ සංකීර්ණය, නීති විද්‍යාලය, කොළඹ මහජන පුස්තකාලය, තුරඟ තරග පිටිය, පොලිස් මූලස්ථානය, ගාලු මුව දොර ක්‍රීඩාංගණය, බත්තරමුල්ල විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, කොළඹ ජාතික කෞතුකාගාරය, දෙහිවල සත්තු වත්ත, පොළොන්නරුව දුම්රිය ස්ථානය, පොළොන්නරුව මූලික රෝහල, මාතර දුම්රිය ස්ථානය, මාතර බස් නැවතුම් පොළ, ගාල්ල කරාපිටිය මූලික රෝහල, ගාල්ල දුම්රිය ස්ථානය, හම්බන්තොට උද්භිත උද්‍යානය, යාපනය දුම්රිය ස්ථානය, යාපනය මහජන පුස්තකාලය, මහනුවර දළදා මාළිගාව, මහනුවර දුම්රිය ස්ථානය, පේරාදෙණිය දුම්රිය ස්ථානය, රත්නපුරය ජාතික කෞතුකාගාරය සෙසු පහසුකම් සලසන ස්ථානයන් වෙයි.

මෙලෙස වයි ෆයි කලාප 1000 ක්  දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි පිහි‍ටු වීමට විදේශ කටයුතු, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය අමාත්‍යාංශය බලාපොරොත්තුවේ.

Last modified on Monday, 30 March 2015 08:13

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us