චම්පිකගේ ෆේස් බුක් ගිණුම 'බ්ලොක් කරලා'

Published in පුවත්
Wednesday, 23 July 2014 21:24

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල Facebook ගිණුම සහ රසික පිටුව (FB page) කිසිඳු හේතුවක් නොදක්වමින් 'බ්ලොක් කර' ඇති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් Facebook සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් ඔස්සේ දන්වා ඊට හේතු විමසා ඇති අතර, එහිදී ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ ඒ පිළිබඳව සොයා බලා ඉදිරි දිනෙක තමන්ව දැනුවත් කරන බවයි.

තමන්ගේ නිල FB පිටුවෙහි විවිධ අදහස් හා මත දරණ රසිකයින් 21,000 කට නොඅඩු ප්‍රමාණයක් සිටි බව ඇමති චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසයි.

තමන් විසින් අද (23දා) උදෑසන මේ පිළිබඳව Facebook සමාජ ජාලයේ කරුණු අධ්‍යයනයේදී චම්පික රණවක, පාඨලී චම්පික රණවක සහ ආසන්න නම් මෙන්ම තමන්ගේ ඡායාරූප සෘජුවම භාවිතයෙන් ව්‍යාජ Facebook ගිණුම් 05 ක් සක්‍රීයව පවත්වාගෙන යන බවද අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.

ඒවායේ අන්තර්ගතයෙහි විවිධ ව්‍යාජ විස්තර සහ මහජනතාව මුලාවන තොරතුරු අන්තර්ගතවී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

තමන්ගේ දේශපාලන දර්ශනයට, ලේඛකත්වයට සහ රසිකත්වයට සමීප Facebook සමාජ ජාලය හා සම්බන්ධ විද්වතුන්, වෘත්තිකයින්, සමාජ සේවකයින්, විදේශීය ශ්‍රී ලාංකිකයින් හා තරුණ ප්‍රජාව අපහසුතාවට පත්වීම වැළැක්වීම වෙනුවෙන් ජනමාධ්‍ය වෙත මේ පිළිබඳව අනාවරණය කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක තම පෞද්ගලික අදහස් හා මතය දැරීමේ නිදහස වල්මත්ව භාවිත නොකොට ආගමික සංස්කෘතික දේශපාලනික හෝ සමාජයීය වශයෙන් කිසිඳු අවැඩක් සිදු නොවන අයුරින් පවත්වාගෙන ගිය තම නිල Facebook ගිණුම හා FB පිටුව විසන්ධිකරවීම හා පසුපස යම් සංවිධානාත්මක පිරිසක් සිටින බවට තමන් විශ්වාස කරන බව ඇමති චම්පික පවසයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us