තංගල්ල සභාපතිගේ මුහුණ වැසූ නිලධාරියාට මාරුවක්

Published in පුවත්
Thursday, 24 July 2014 08:40

බ්‍රිතාන්‍ය ජාතික කුරම් ෂෙයික් ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් නියමවූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යද්දී මාධ්‍ය කැමරාවලින් ඔහුගේ මුහුණ ආරක්‌ෂා කිරීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පල්ලන්සේන එළිමහන් සිරකඳවුරට මාරුකර යෑවූ බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් සී. පල්ලේගම මහතා පැවැසීය.

මෙම නිලධාරියා තම හිස්‌ වැස්‌ම ගලවා සිරකරුගේ මුහුණ වැසීමට උත්සාහ ගෙන තිබියදීත් ඔහු එම සිද්ධිය ප්‍රතික්‍ෂේප කිරීම හාස්‍යයට කරුණක්‌ බව පල්ලේගම මහතා පැවැසීය.

මින් ඉදිරියට සැකකරුවන්ගේ මුහුණ මේ ආකාරයට කැමරාවලින් බේරාගැනීමට කිසිම බන්ධනාගාර නිලධාරියකුට ඉඩ නොතබන බවද හෙතෙම කීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us