අලිපොත වෙනස් කළ වනජීවී නිලධාරීන් අධිකරණයට Featured

Published in පුවත්
Friday, 03 April 2015 08:26

මහරගම විපස්සනාරාමයට අලි පොත (අලි ලියාපදිංචි කිරීමේ රාජ්‍ය ලේඛනය) ගෙන ගොස් එහි තොරතුරු වෙනස් කිරීමට අලි රොෂාන්ට සහාය වූ වන ජීවී දෙපාර්තමේන්තුවේ රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා ඊයේ (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

කූඨ ලේඛන සකසමින් අලි සන්තකයේ තබාගත් හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන්ට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරුණි.

අලි රොෂාන් යටතේ සේවය කළ දැනට බන්ධනාගාරගත වසන්ත කුමාර නම් ඇත් ගොව්වාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලිසියට අවසර ලබා දෙන බව අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය එහිදී නියෝග කළාය.

සැකකාර රොෂාන්ට අයත් කතරගම පිහිටි අක්කර 4 1/2ක නිවාඩු නිකේතනයේ වායු සමනය කළ රහස් කාමරයක් පරීක්ෂා කිරීමටද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා මහේස්ත්‍රාත්වරියගෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසර ලබාදීමේ නියෝග නිකුත් කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට ද නියෝග කළාය. සැකකරුට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ලබන 08 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග ක‍ළාය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ පිහිටි ඇලන් මැතිනියාරාමයට අලි පැටවුන් සපයා ඇත්තේද අලි රොෂාන් බවය.

කිසිදු ලියාපදිංචියක් නොකර එම අලි පැටවුන් ලබාදී ඇති බව පැවසූ දිලීප පීරිස් මහතා අධිකරණයට මෙසේද කරුණු ඉදිරිපත් කළේය.

සැකකාර අලි රොෂාන් ව්‍යාජ ලේඛන සකසමින් රඳවා තිබූ අලි පැටවුන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කළා. තවත් 39ක් ගැන පරීක්ෂණ කළ යුතුයි.

රොෂාන්ගේ කතරගම පිහිටි නිවාඩු නිකේතනයේ වායු සමනය කළ කාමරයක් රහස් පොලිසිය මඟින් මේ වන විටත් සීල් තබා තියෙනවා. එය පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

නඩුවේ වැඩිදුර විභාගය ලබන 08 දිනට නියම කෙරිණි.

Last modified on Friday, 03 April 2015 08:33

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us