රෝසිගේ කසුකුසුවට කතානායකට මලපනි

Published in පුවත්
Thursday, 24 July 2014 10:30

සභාවේ කටයුවලට බාධා වන අයුරින් සෙසු මන්ත්‍රීවරුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටි එජාප මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මියට කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී අවවාද කළේය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් යොමුකර තිබූ අතර කථානායකවරයා ඒ අනුව සේනසිංහ මන්ත්‍රීවරයාගේ නම කතා කළේය.

එහෙත් මන්ත්‍රීවරයාට එය නොඇසුණේ සේනානායක මන්ත්‍රීවරිය සමග සතුටු සාමීචියේ යෙදී සිටීම හේතුවෙනි.

කීප වරක් කථානායකවරයා සේනසිංහ මන්ත්‍රීවරයාගේ නම සඳහන් කළ ද මන්ත්‍රීවරයාට එය නෑසුණි.“ගරු රෝසි සේනානායක මන්ත්‍රීතුමිය මං ගාවට කිට්ටුවෙන් ඉඳගන්නවා නම් හොඳයි. නැත්නම් මොකුත් ඇහෙන්නෙ නෑ. කතාව වැඩියි.” කථානායකවරයා සේනානායක මන්ත්‍රීවරියට කීවේය.

මේ අවස්ථාවේ දැඩි ලෙස කලබල වූ මන්ත්‍රීවරිය ඉන් පසු කිසිදු මන්ත්‍රීවරයකු සමග කතා නොකර සභා කටයුතුවලට සවන් දුන්නාය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us