මහ බැංකු බැඳුම්කර නිකුතුවේ විමර්ශනය අවසන්

Published in පුවත්
Saturday, 04 April 2015 10:22

මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ මූලික විමර්ශන කටයුතු පසුගිය සිකුරාදා අවසන් කෙරුණු බව මහ බැංකු ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම කමිටුව විසින් මෙම විමර්ශන වාර්තාව ඉදිරි දින කිහිපය තුළදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතට පත් කිරීමට නියමිතය.

අනතුරුව එම වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාගත ‍කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

නීතිඥ ගාමිණි පිටිපන මහතා මේ කමිටුවේ සභාපතිත්වය දැරූ අතර මහේෂ් කළුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස් යන මහත්වරු එහි සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කළහ.

මේ විමර්ශන කමිටුව විසින් සිය කටයුතු සිදු කළ කාල සීමාව තුළ මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිවාඩු ලබා ගත් අතර ඒ කාලය තුළ ඔහු මහ බැංකුවේ කිසිදු මෙහෙයුම් කටයුත්තකට සහභාගි නොවූ බව මහ බැංකුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන්නේ ද යන කාරණය මේ ත්‍රිපුද්ගල විමර්ශන කමිටු වාර්තාවේ නිර්දේශ මත පදනම් වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

- සිළුමිණ

Last modified on Saturday, 04 April 2015 10:35

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us