මහින්දව මට්‍ටු කරන වැඩේ මම කරන්නම් - චන්ද්‍රිකා

Published in පුවත්
Sunday, 05 April 2015 10:19

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යලි රට විනාශ කිරීමට සුදානම් වන්නේ නම්, ඊට එරෙහි අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණය කර සිටියි.

අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීමෙන් පසු එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළාය.

මෙහිදී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය තවදුරටත් කියා සිටියේ, කලබල නොවී බලා සිටිය යුතු බවයි.

'දින සීයෙන් පසු නිදහස් ලංකාවක්'

දින සියයේ වැඩපිළිවෙල නිමාවීමෙන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට අනුව රට ගොඩනැගීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එහිදී සඳහන් කළාය.

අහිංසක වෙළෙන්දන්ගෙන් පවා කප්පම් ලබාගත් යුගය වෙනස් කිරීමට සමත් වන්න වූ දේශපාලන වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැගීමට හැකි වීම නිදහස් දේශයක් නිර්මාණය වීමේ ආරම්භයක් බව ඇය පෙන්වා දුන්නාය.

- srilankaamirror

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us