වැලිඅමුණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දූෂිතයින් දඩුකඳේ ගසනු - ශිෂ්ඨ සම්පන්න සමාජයක් සඳහා වූ ලංකා ජාත්‍යන්තරය

Published in පුවත්
Thursday, 09 April 2015 12:34

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණගේ නායකත්වයෙන් යුත් හතරදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දූෂිතයින්ට උපරිම දඬුවම් දීමට පියවර ගන්නා ලෙස ශිෂ්ඨ සම්පන්න සමාජයක් සඳහා වූ ලංකා ජාත්‍යාන්තරය ඉල්ලා සිටී.

තෙසතියක් වැනි කෙටි කාලයක් තුල මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැලිඅමුණ ඇතුලු පරීක්ෂණ මණ්ඩලයට ලංකා ජාත්‍යාන්තරය සිය ආචාරය ද පුද කරයි. එමෙන්ම මෙම කමිටුව පත් කරන ලද ඇමැති අර්ජුන රණතුංග මහතාටද ස්තුතිය හිමිවිය යුතු බවත්වෙනත් කාරනා සම්බන්දයෙන් තමන් නිර්දෝශී යැයි ප්‍රකාශන නිකුත් කරන රාජපක්ෂවරුන්ගේ සහ උනගේ සට්ටැමියන්ගේ මුඛ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කැරෙන චෝදනා සම්බන්දයෙන් අඟුළු වැටි ඇති තිබෙන බවත් සදහන් කරයි.

ජනාධිපති පියා විසින් නාමල් රාජපක්ෂ පුත්‍රයාගේ සේවය සඳහා මිලියන ගණනින් ගෙවා එයාර් ලංකා ගුවන් සේවාකාවන් ලබා දී ඇති අන්දමත් එම ගුවන් සේවයම යොදා ගෙන යෝෂිත රාජපක්ෂ පුත්‍රයාගේ වානිජ කටයුතු සඳහා ආම්පන්න ගෙන්වා ඇති අන්දමත් ජනාධිපතිගේ මස්සිනාට සිය සුරතලියන් සමඟ ලොව වටා යෑමට පහසුකම් දීම යනාදී මෙම වාර්තාවෙන් ඉදිරිපත් කැරෙන කරුණු අතිශය ජුගුස්සා ජනකයග.මෙම වාර්තාවෙන් හෙළි කැරෙන දූෂණයන්ට දැවැන්ත මුල්‍යමය වංචාවන්ද ඇතුළත් ය.

මෙම වාර්තාව විසින් පෙන්නුම් කරන එක් වැදගත් කරුණක් නම් රාජපක්ෂ සමයේ දූෂණ වංචා සොයා බැලීම සහ දූෂිතයින් නම් කිරීම කළ හැකි සහ කළ යුතුම කරුණක් බවත් මෙම වාර්තාව අනෙක් ඇමැතිවරුන්ටද ආදර්ශයක් විය යුතු බවට ලංකා ජාත්‍යාන්තරය අවධාරණය කරයි.

වත්මන් ආන්ඩුව දැනටමත් අති විශාල මුල්‍ය වංචාවක් සම්බන්දයෙන් චෝදනා ලබා සිටින මෙම අවස්තාවෙහි මෙම වාර්තාව රාජපක්ෂ සමයේ දී මෙන් කුණු කූඩයට නොයැවීමට වග බලා ගැනීම ශ්‍රී ලංකාවේ සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්හි යුතුකමක් බව ලංකා ජාත්‍යන්තරය විශ්වාස කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us