19 ක්‍රියාත්මක වන්නේ වත්මන් ජනපති ධුර කාලයෙන් පසුයි - අගමැති

Published in පුවත්
Friday, 10 April 2015 07:40

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලතල ක්‍රියාත්මක වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසුව බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයෙන් පසු ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයාට මේ සංශෝධනවලට අනුව පැවැරෙන බව පෙන්වා දුන් අගමැතිවරයා දහනව වන ව්‍යවස්ථා සංශෝධන හා ඊට අදාළ සංශෝධන තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කෙටුම්පත බවත් කීය.

මෙම කෙටුම්පත තමන් නොදුටු බවට එජාපයේ ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇතැයි අතුරලියේ රතන හිමියන් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අගමැති වික්‍රමසිංහ මහතා මේ කෙටුම්පත පිළිබඳ එජාප මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළ බවත්, මේ පිළිබඳ යම් එජාප මන්ත්‍රීවරයකු නොදන්නේ නම් ඔහු කණ්ඩායම් රැස්වීමට නොපැමිණි අයෙකු බව ද කීය.

මේ අතර ලබන 20 වන දින නව සංශෝධයට සම්බන්ධ විවාදය පැවැතිවීමටත් ඒ සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් නියමිත බවත් වාර්තාවේ.

Last modified on Friday, 10 April 2015 07:42

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us