ටිරාන් විතරක් නෙවෙයි මේ වංචාවට මහින්දයි ලලිතුයි දෙන්නත් හවුල් - ජාතික හෙළ උරුමය

Published in පුවත්
Friday, 10 April 2015 11:14

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහි චෝදනා ඉදිරිපත් කිරීම පිටුපස අමාත්‍ය චම්පික රණවක මහතා සිටින බවට මාධ්‍යවල පලවී ඇති වාර්තා සත්‍ය නොවන බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

එහෙත්, ටිරාන් අලස් මහතා විසින් එල්.ටි.ටි.ඊ. සංවිධානයට ආධාර අනුබල දෙමින් සිදුකර ඇති දේශද්‍රෝහී ක්‍රියා ගැන චම්පික රණවක අමාත්‍යවරයා විශේෂ අවධානයකින් සිටින බවද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වර්ණසිංහ මහතා පැවසිය.

ඔහු මේබව කියා සිටියේ, අද උදැසන 'වී එෆ් එම් නාලිකාවේ සිද්දමුල්ල වැඩසටහනට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා විසින් එල්.ටි.ටි.ඊ. සංවිධානයට ලබාදී ඇති රුපියල් මිලියන 600ක මුදල හා රාජ්‍ය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තොරතුරු රාශියක් 'දුෂණ විරෝධී පෙරමුණට' ලැබුන බවත්, ඒ අනුව එම සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජිකයකු වූ තමා ඒගැන පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කල බවත් වර්ණසිංහ මහතා පැවසිය.

'' ටිරාන් විතරක් නෙමෙයි, මේ දේශද්‍රෝහී ක්‍රියාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, හිටපු ජනධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාත් සම්බන්ධයි. රාජපක්ෂ ආණ්ඩුව කොටින්ට ආධාර උපකාර කල බව මේ තොරතුරු වලින් සනාත වෙලා තියනවා '' යයි ද හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර මෙම කාරණය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගෙන් පැය දෙකක් පුරා ‍ඊයේ (9 දා) ප්‍රශ්න කර තිබේ.

ටිරාන් අලස් මහතා වෙත එල්ලවී ඇති එම මූල්‍ය වංචාවට අදාළ දැනට පරීක්ෂණය කෙරෙන කටයුතු සම්බන්ධයෙන් අදාළ ලිපිගොනු පවා ඒ මහතා වෙත ඉදිරිපත් කර එම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.

එහිදී ඔහු ඔහුට එල්ල වී ඇති එම චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධයෙන් විදේශ ගමන් බලපත් තහනම් කර ඇති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගෙන් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ගෙන් ද ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට ද නියමිතව ඇත.

srilankamirror

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us