'අපේක්ෂකත්වය' මත පදනම් වූ පොදු අපේක්ෂකයෙක්

Published in පුවත්
Friday, 25 July 2014 08:14

'පෞද්ගලිකත්වය මත නොව අපේක්ෂකත්වය' මත පදනම් වූ පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

‘විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුත්තේ ඇයි?’ යන මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විද්වත් කතිකාවක් ඊයේ බ්‍රහස්පතින්දා සංවිධානය කොට තිබුණි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා එකී සංවිධානය ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ග සිතියම එළි දක්වමින් අදහස් පළකළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ' වඩා වැදගත් වන්නේ අපේක්ෂකයා කවුද යන්න නොව 'අපේක්ෂකත්වය' හා ඔවුන් එකඟ වෙන්නේ කුමක් සඳහාද' යන්න වන බවයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන අපේක්ෂකත්වයක් මිස පෞද්ගලිකත්වය මතු නොකළ යුතු බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා ජය ගැනීමෙන් අනතුරුව විධායක ජනාධිපති ධුරය අහෝසි කර නැවත පාර්ලිමේන්තු ක්‍රමය බල ගන්වන බව හුදෙක් මැතිවරණ පොරොන්දුවක් ලෙස පමණක් නොව, නීතිමය කෙටුම්පතක් ලෙස රටට ඉදිරිපත් කරන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසිය.

මාස හයක් ඇතුළත එම සියලු කටයුතු සිදු කරන බව පැවසු ඔහු තව දුරටත් කියා සිටියේ, ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන දිනය පවා සටහන් කරන බවයි.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම තනි කාරණාවක් සේ පෙනුණත් එය සිදු කිරීමෙන් රට තුළ ඇති අනිකුත් ප්‍රශ්නවලට ද විසඳුමක් ලැබෙන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති එක්ව සිටියහ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන් හා උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රී වරයාත් එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.

එවැනි ප්‍රධාන දේශපාලන නායකයන් එකී අවස්ථාවට එක්ව සිටියත් එය ආවරණය කල මාධ්‍ය කරුවන්ගේ වැඩි අවධානය යොමු වූයේ ධුරයෙන් පහ කළ හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක වෙතයි.

(සංදේශය)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us