හම්බන්තොට අලාභය පියවලා තියෙන්නේ කොළඹ අදායමෙන්

Published in පුවත්
Saturday, 11 April 2015 09:24

2012 වසරේ හම්බන්තොට වරායේ සමස්ත වියදම රුපියල් මිලියන 812ක් වුවත් එහි අදායම රුපියල් මිලියන 135ක් වීම හේතුවෙන් එම වසරේ අලාභය රුපයිල් මිලියන 678කි. එම අලාභය කොළඹ වරායේ අදායමෙන් පියවා තිබෙන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අමාත්‍යවරයා සඳහන් කරයි.

හම්බන්තොට වරායේ වියදම තවදුරටත් කොළඹ වරාය මගින් දැරීම නවතාලමින් හම්බන්තොට වරයාටද වෙනමම ලාභ අලාභ ගිණුමක් පවත්වාගෙන යාමට අර්ජුණ රණතුංග මහතාගේ අවධානය යොමුව තිබේ.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සිදු වූ දූෂණ වංචා සෙවීමට සිංහල - හින්දු අලුත් අවුරුද්දෙන් පසුව විශේෂ කමිටුවක් පත් කරන බව අමාත්‍යාංශය ඊයේ (10දා) නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේය.

පසුගිය කාලයේදී ගුවන් සේවාවේ සිදු වූ දූෂණ වංචා සෙවීමට තමන් පත් කළ කමිටුවේ වාර්තාව සේම ලංකා වරාය අධිකාරියේ දූෂණ වංචා සෙවීම සඳහා පත් කිරීමට යෝජිත කමිටුවේ වාර්තාවෙන්ද වැදගත් කරුණු රැසක් හෙළිදරව් වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us