පෙරටුගාමීන් සහ ජවිපෙ ගන්නෝරුවේදී ගැටේ

Published in පුවත්
Monday, 13 April 2015 10:07

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයට ඊයේ (12) රාත්‍රියේ සහ අලූයම අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල වී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් විසිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පේරාදෙණිය ගන්නොරුව ප්‍රදේශයේ පිහිටි එම කාර්යාලයට ඊයේ රාත්‍රි 7ට පමණ පැමිණි නාඳුනන පිරිසක් පළමුව කාර්යාලයට පහරදී අැත. අනතුරුව අලූයම දෙකට පමණද එම පුද්ගලයන් පැමිණ යළි ප්‍රහාරයක් එල්ල කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

පේරාදෙනිය පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් දෙපාර්ශවයටම අයත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුද්ගලයින් 16 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණට අයත් පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.

අදාළ ගොඩනැඟිල්ල හිමිකරු ජනතා විමුක්ති පෙරමුණට සහය පළ කරන අයෙකු බව පොලීසිය පවසයි.මේ ගැන පේරාදෙණිය පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Last modified on Monday, 13 April 2015 10:09

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us