සංගීතඥයා මංගල දැන්වීමකින් තරුණියන් රවටලා

Published in පුවත්
Friday, 25 July 2014 10:09

අන්තර්ජාලයේ ඇති මංගල යෝජනා ඇතුළත් වෙබ් පිටුවක ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටිමින් මංගල දැන්වීමක් පළකර තරුණියන් රවටමින් ඒ අයගෙන් මුදල් කඩාගෙන ලිංගික පහස ලබාගනිමින් සිටි සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

හෝටල්වල පැවැත්වෙන සාදවලට සංගීතය සපයන සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු වන සැකකරු වයස අවුරුදු 43ක අයෙකි. ඔහුට රැවටුණු බැංකු සේවිකාවක ඒ ගැන ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්ඩංගුවට ගෙන ඇත.

ඊට පෙර ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් ද එම වෙබ් අඩවියේ ඔහු පළකර ඇති දැන්වීමේ සඳහන් දුරකථන අංකයට ඇමැතුම් ගෙන ඔහු එවන් අයෙක් දැයි සොයා බලා ඇත.

මෙවැනි පුද්ගලයාගේ රැවටීමට හසුවූ යම් අයෙකු වේ නම් 0112826444 දුරකථන අංකයෙන් ළමා හා කාන්තා කාර්යාංශයට ඒ ගැන තොරතුරු ලබාදිය හැකිය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us