අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන අන්තර් ජාතික මූල්‍ය අරමුදල් රැස්වීමේ දී (2015 Spring Meetings) මෙම කරුණු අනාවරණ වුයේය. දුරටත් ශ්‍රී ලංකාවට සහය ලබා දීමට සූදානම් බව ඔවුන් පෙන්වා දුන්නේය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊට සහභාගී වී සිටින අතර එම අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ Mitsuhiro Furusawa මහතා සහ මුදල් අමාත්‍යවරයා අතර විශේෂ හමුවක් ද එහි දී පැවැත් වුණි.
මීට අමතරව ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි, මලයාසියානු මුදල් අමාත්‍ය අහමඩ් හුස්නි යන මහත්වරුන් සමග ද මුදල් අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වුයේය.



