මහින්දට මොළේ පෑදෙයි, දේශපාලන අනාථයන්ව මඟහරියි.

Published in පුවත්
Saturday, 18 April 2015 14:14

පරාජිත, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු මැයි රැලියකට සහභාගි නොවීමට තීරණය කොට ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

එමෙන් ම හිටපු ජනාධිපතිවරයාට සහය පළ කරමින් දේශපාලන අනාථයින් කුරුණෑගල පැවැත්වීමට නියමිත රැලියට ද සහභාගි වීමෙන් වැළකී සිටීමට ඔහු තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන මැයි රැලියට ද හිටපු ජනාධිපතිවරයා සහභාගි නොවනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඒ සඳහා සහභාගි වීමට නිල ආරාධනා පත්‍රයක් ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පසුගියදා හිටපු ජනාධිපතිවරයා හමුවී භාර දුන්නේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමට කටයුතු කරන්නේ ය යන චෝදනාව හමුවේ හිටපු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

කෙසේ වුවත් හිටපු ජනාධිපතිවරයාට සහය දක්වන අනාථ දේශපාලන කණ්ඩායම් කිරුළපන දී මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඊට මහින්ද රාජපක්ෂ සහභාගී වන බවත් ලක්ෂ 58 ක ජනතාවක් සහභාගී වන බවටත් ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටී.

Last modified on Saturday, 18 April 2015 14:14

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us