19 - තීන්දුයි, නිවාරණයි, කැපයි !

Published in පුවත්
Sunday, 19 April 2015 12:33
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 21 සහ 22 වැනිදා පැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19)  පෙරවරුවේ දේශපාලන පක්ෂ නායක හමුවක් පැවැත්වුණි.
 
එහිදි මෙම එකඟතාවට එළඹි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය.
 
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු න්‍යයාය පුස්ථකයට ඇතුළත් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ  නිර්දේශවලට අනුව  ඉදිරිපත් කළ ලියවිල්ල එහිදී විවාදයට ගැනීමට එකඟවී තිබේ.
 
මීට පෙර කමිටු අවස්ථාවේ දී ඉදිරිපත් කළ සංශෝධන සහිත ලියවිල්ල ඉදිරිපත් නොකිරීමට අදාළ සාකච්ඡාවේ දි එකඟතාවට එළඹි බව  සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය.
 
ඒ අනුව හෙට උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්ව අනිද්දා දිනය දක්වා කල්තැබීමට නියමිතය.
 
 එම කාලය තුළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ලියවිලි සම්පූර්ණ කර මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමෙන් පසු අගහරුවාදා සහ බදාදා ඒ පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත.
 
- adaderana
Last modified on Sunday, 19 April 2015 12:47

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us