19 සම්මතවීම වලක්වන කුමන්ත්‍රණයක්

Published in පුවත්
Monday, 20 April 2015 14:39

හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන ජනපතිගේ විධායක බලතල මොට කරන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම වලක්වාලීම සඳහා ශ්‍රී ලනීපය තුල කුමන්ත්‍රණකාරී සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ.

පසුගියදා 19 වන සංශෝධය සම්මත කරලීම සඳහා ශ්‍රී ලනීපයේ සහය හිමිවන බවට එම පක්ෂයේ ජේෂ්ඨයන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පොරොන්දු වූවද ඡන්ද විමසීමේදී වෙනත් පියවරක් අනු ගමනය කිරීමට එම පක්ෂයේ ජේෂ්ඨයන් පිරිසක් සැලසුම් කරමින් සිටී. පසුගියදා මුදල් ඇමැතිවරයා විසින් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් රෙගුලාසියක් සම්මත කර ගැනීමට කළ උත්සාහයද මෙම කණ්ඩායම විසින් පරාජය කරනු ලැබුවේය. පෙර පැවැති සාකච්ඡාවකදී ශ්‍රීලනීපය මෙම යෝජනාවට එකඟ වී පසුව පරාජය කළේය.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් වන පනත් කෙ‍ටුම්පතද මෙම 19 වන සංශෝධනය සමඟ ඉදිරිපත් විය යුතු බව ශ්‍රී ලනීපය තර්ක කළත් ශ්‍රි ලනීපය විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනාවට දැඩි විරෝධයක් සුළු පක්ෂවලින් දැනටමත් එල්ල වී තිබේ. එමෙන්ම මැතිවරණ ක්‍රම සංශෝධනය හෙට හෝ අනිද්දා සම්මත කර ගනු ලැබූවද ඒ යටතේ මැතිවරණයක් පැවැත්වීමට අවම වශයෙන් තවත් මාස හයක පමණ කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. නමුත් අගමැතිවරයා ගේ තර්කය වී ඇත්තේ එතරම් කාලයක් බලා හිඳීමෙන් රට තවත් අර්බූදයක් කරා යනු ඇති බවය. සුළුතර ශක්තිමත් නොවු ආණ්ඩුවක් යටතේ කටයුතු කිරීමේ අවාසි සහගත තත්වය ඔහු පෙන්වා දී තිබිණි.

කෙසේ නමුත් 19 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කවර පියවරක් ශ්‍රී ලනීපය අනුගමනය කළද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කරනු ලැබු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෙට (21) දිනයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

මේ සම්බන්ධ වූ විවාදය හෙට (21) සහ අනිදා (22) විවාද කර 22 වැනිදා පස්වරුවේ ඡන්ද විමසීමට ජනාධිපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැති සර්වපාක්ෂික පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us