හොරුත් එක්ක යහපාලනය ගේන්න බෑ

Published in පුවත්
Tuesday, 21 April 2015 12:14

යහපාලනය අැති කරන බව පැවසුවාට ප්‍රධාන පක්ෂ දෙකේම සිටිනා හොරු නිසා යහ පාලනය ගේන ඒමට නොහැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. ඔහු මේ අදහස් දැක්වූයේ ගාල්ලේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදීය.

අද වන විට පක්ෂ දෙකෙන්ම පත්කර අැති ඇමතිවරු සියයට 50ක් හොරු බවත් ඔවුන්ගේ අල්මාරිවල ඇටකටු අැති බවත් පැවසුවේය. මෙය ප්‍රධාන පක්ෂ දෙකට ම විශාල ප්‍රශ්නයක් බවත් ඔහු පැවසුවේය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය

' අපිත් මේ ආණ්ඩුවේ කොටස්කාරයෝ. එක්සත් ජාතික පක්ෂය පහුගිය ජනාධිපතිවරණය තනියම කළා නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉදිරිපත් වෙන්නේ නැහැ. දෙන්නෙක් තුන්දෙනෙක් හිරේදාලා යහපාලනය ඇතිකරන්න බැහැ. අගමැතිතුමාත් ජනාධිපපත්තුමාත් හොරු නොවන බව අපි දන්නවා. නමුත් ඒ අය යටතේ ඉන්න අය හොරු'


අද වන විට මහින්ද රාජපක්ෂ සිහිනයෙන් පවා බය වන තත්වයක් අැතිවී අැති බවත් ඔහු අතීතයේ කළ වැරදි වලට අද විදවන්නට සිදුවී අැති බවත් ඔහු පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us