කාරියකරවන කාරිය අවසන් කරයි

Published in පුවත්
Tuesday, 21 April 2015 15:12

ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ පතාක යෝධයකුවූ ඩී.ඇෆ්.කාරියකරවන මහතා අභාවප්‍රාප්ත වී අැත.

ඔහුගේ ඉල්ලීම අනුව 24 පැයක් ඇතුළත අවසන් කටයුතු සිදුකරමින් දේහය කඩුවෙල නෙවිල් ප්‍රනාන්දු රෝහලට බාරදෙන බව සමීප ඥාතීයෝ කියති.ඔහු මිය යන විට 94 වන වියේ පසුවිය.

කාරියකරවන මහතා දශක 8කට ආසන්න කාලයක් පුවත්පත් කලාවේ යෙදී සිටියේය. මීගමුවේ උපන් ඔහු මුලින්ම පුහුණු ගුරුවරයෙක් විය. සිංහල බස මනා ලෙස හැසිරවීමේ දක්ෂතාවයක් තිබූ ඔහුගේ ශෛලිය බොහෝ පාඨකයන්ගේ සිත් ගත්තේය.

ලේක් හවුස් ආයතනයේ දිනමිණ පත්‍රයේ උප කර්තෘවරයකුවූ කාරියකරවන මහතා ජනතා හා සිළුමිණ පත්‍රවල කර්තෘවරයා විය. ජනතා පත්‍රයේ ඔහු කර්තෘවරයාවූ කාලයේ සුවිශේෂ සිද්ධියක් වූයේ හොඳ සිංහලය වෙනුවෙන් සම්මත සිංහල සටන ශක්තිමත් කිරීමයි. ප්‍රධාන පෙළේ පුවත්පත් ඊට එරෙහි වෙද්දී ඔහු හිටපු අධ්‍යාපන ඇමැති අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතාගේ සම්මත සිංහලය මගින් මුළු රටේම සම්මතයක් ඇති කරගැනීමට වෙහෙස වූයේය.

ලංකා පත්‍ර කලා සංගමයේ පුරෝගාමියකුවූ ඔහු නවක මාධ්‍යවේදීන්ට බෙහෙවින් අත දුන්නේය. ජනමාධ්‍ය කලා පාඨමාලා මගින් ඔවුන් අතර උනන්දුවක් ඇතිකිරීමට ඔහු කටයුතු කළේය.

ලේක් හවුස් ආයතනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කාරියකරවන මහතා ලේඛන කලාවේ නියැලී සිටියේය.

එතෙර මෙතෙර සිය අත්දැකීම් අළලා ඔහු විසින් පොත් රැසක්ම රචනා කරන ලද්දේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us