සෝමවංශ යළි ජවිපෙට යන ලකුණු

Published in පුවත්
Wednesday, 22 April 2015 07:05

මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම හෝ නැවත පක්‍ෂයට එක්‌වීම සඳහා වන කිසිදු ලිඛිත ඉල්ලීමක්‌ තමන්ට මේ වනතෙක්‌ ජනතා විමුක්‌ති පෙරමුණෙන් ලැබී නැතැයි එම පක්‍ෂයෙන් ඉවත්ව ගිය එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා දිවයින පුවත්පතට පවසා ඇත.

ඒ අනුව, එවැනි ලිඛිත ඉල්ලීමක්‌ එම පක්‍ෂයෙන් ලැබුණහොත් ඊට එක්‌වන්නේද යන්න පිළිබඳව කළ විමසීමේදී ඒ මහතා පවසා ඇත්තේ තාර්කික ඉල්ලීමක්‌ පැමිණියහොත් තාර්කිකව සිතා බලා ප්‍රතිචාර දැක්‌විය හැකි බවය.

තමන් පක්‍ෂයෙන් ඉවත්ව ගියපසු නැවත පක්‍ෂයට එක්‌වීම සඳහා වන කිසිදු සාකච්ඡාවක්‌ ජවිපෙ නායකයින් සමග සිදුකර නැති බව සඳහන් කළ සෝමවංශ අමරසිංහ මහතා ඉවත්වූ දින සිට මේ දින කිහිපය තුළ පක්‍ෂ ක්‍රියාකාරීන් රැසක්‌ තමා සමග එක්‌වී ඇති බවද සඳහන් කර ඇත.

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරෙමුණේ පක්ෂ කාඩර්වරු පවසන්නේ අමරසිංහ මහතා මානසික ව්‍යාකුලත්වයකින් පෙළෙන නිසා මෙලෙස හැසිරෙන බවය. පක්ෂය මේ මොහොතේ උත්සහ ගනිමින් සිටින්නේ ඔහුව නැවත් පක්ෂය වෙත ගෙන්වාගෙන නිහඬ කර තැබීම බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

දිවයින 

Last modified on Wednesday, 22 April 2015 07:16

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us