ජාතික විගණන පනතට කැබිනට් මණ්ඩල අනුමැතිය

Published in පුවත්
Thursday, 23 April 2015 13:50

ජාතික විගණන පනතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රාජ්‍ය සමාගම් සහ ඒ යටතේ ඇති ආයතන සිය ගණනක් පසුගිය වකවානුවේ ගණනය කළ නොහැකි තරම් වූ අති විශාල මුදල් සම්භාරයක් කෝටි ගණනින් ගසා කා ඇති බව හෙළිදරව් වී ඇති සමයක ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයකි.

රාජ්‍ය සමාගම් 200 කට වැඩි ප්‍රමාණයක් සහ ඒවා යටතේ ඇති උප ආයතන සිය ගණනක් මෙසේ බරපතළ ලෙස මූල්‍ය ගසාකෑම් සිදුකළත් මෙතෙක් කාලයක් රජයේ විගණනයට ඒවා හසුකර ගැනීමේ බලයක් නොතිබුණි. රාජ්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගම් විගණනයෙන් ඉවත් කර තිබීම ඊට හේතු වී ඇත.

මෙම ජාතික විගණන පනත ගෙන ඒමෙන් බරපතළ මූල්‍ය ගසාකෑම් වහාම නතර කිරීමට විගණකාධිපතිවරයාට අධිබාර කිරීමේ බලය හිමිවෙයි. තවද එම පනතින් අනවශ්‍ය ලෙස ලබාගත් මුදල් යළි අයකර ගැනීමේ බලය ද විගණකාධිපති දෙපාර්තමේන්තුවට හිමිවෙයි.

Last modified on Thursday, 23 April 2015 15:27

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us