උතුරේ මව්වරුන්, ළමා දූෂකයන්ට එරෙහිව සටනට

Published in පුවත්
Friday, 25 July 2014 21:27

බාල වයසේ ළමුන් ලිංගික අතවර වලට යොදා ගනු ලබන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා අද, සිකුරාදා යාපනය ළමා අධිකරණය ඉදිරියේ කාන්තා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරෙමින් තිබුණි.

පසුගිය කාල සීමාව ඇතුළත එවැනි ළමා ලිංගික අපචාර කීපයක් ම වාර්තා කෙරුණත් අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට බලධාරීන් අසමත් වූ බව කාන්තා උද්ඝෝෂකයන් කියා සිටියේය.

යාපනයේ එම විරෝධතා ව්‍යාපාරයට සීයකට අධික කාන්තා ක්‍රියාධාරිනියන් එක්ව සිටි බව වාර්තාවේ.

කරෙයිනගර් පළාතේ බාල වයස්කාර දැරියන් දෙදෙනකු දූෂණය කරන ලද බවට පසුගියදා පැමිණිලි කෙරුණ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා කෙරුනේ එම දැරියන් වෙසෙන ගම්මානය අසල පිහිටි නාවික හමුදා කඳවුරක භටයන් කීප දෙනකුටය.

එහෙත් එම ළමා ලිංගික අපචාර වලට වග කිව යුතු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් මෙතෙක් අසමත්ව ඇත.

(සංදේශය)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us