මහින්දට ගැලපෙන දෙවියකු හමුවේ Featured

Published in පුවත්
Saturday, 25 April 2015 12:59

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඔහුට උදාවී ඇතැයි කියන සෙනසුරු අපලය දුරුකිරීම සඳහා වූ විශේෂ යාගයක්, හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාට අයත් නුවරඑළියේ රම්බොඩ, තවලම්තැන්නේ, වැවන්ඩම් වතුයායේ පිහිටි හනුමා කෝවිලේ දී අද (25) පෙරවරුවේ පැවැත්වේ.

අරුමුගම් තොණ්ඩමන් මහතා විසින් එය සංවිධානය කර ඇති අතර හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගි වීමට නියමිත ය.

මෙම විශේෂ යාගය වෙනුවෙන් තොණ්ඩමන් මහතා විසින් ඉන්දියානු කට්ටඩියන් පිරිසක් විශේෂයෙන්ම ගෙන්වා තිබේ.

රාම රාවණා යුධ කතා පුවත අනුව හනුමාන්ගේ වල්ගයට ගිනි ඇවිලුනු අතර ඒකා රට පුරා දිවීමෙන් රටම ගිනි ගත්තේය. මහින්ද අද පිහිට පතන්නේ මේ වඳුරු දෙවියන්ගෙනි. මේ දිනවල මහින්ද ‍තෝරාගෙන ඇති දේශපාලනය අනුව ඔහුට ගැලපෙන දෙවියා ‍තෝරා ගැනීමට සමත්ව තිබෙන බව පැහැදිලිය.

මේ අතර, හනුමාන් යාගයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද තොන්ඩමන් මහතා විසින් සංවිධානය කර ඇත. එම දිවා භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ රම්බොඩ, තවලම්තැන්නේ පිහිටි තොන්ඩමාන් මහතාගේ වැවන්ඩම් බංගලාවේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us