නේපාලයේ ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් වී ඇති බව වාර්තා වී නෑ

Published in පුවත්
Sunday, 26 April 2015 00:20

දහසකට අධික ජීවිත විනාශයක් සමඟ නේපාලය මුහුණ දුන් මහා භූමිකම්පාව නිසා ශ්‍රී ලාංකිකයන් කිසිවකු අනතුරට ලක් වූ බවක් තවමත් වාර්තා වී නැතැයි කත්මන්ඩු නගරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න පවසයි.

තානාපතිවරයා එම ප්‍රකාශය කළේ අද (25) නේපාලයේ වේලාවෙන් සවස හතයි තිහට පමණ බීබීසිය කළ විමසීමකදී.

‘මේ කතා කරන මොහොත වන විට ශ්‍රී ලාංකිකයකු අනතුරට ලක් වූ බවක් වාර්තා වී නැහැ’ තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න බීබීසී සන්දේශයට කියා සිටියේය.

භූමිකම්පාවෙන් අනතුරුව තිස් දෙනකු පමණ ශ්‍රී ලාංකිකයන් සිය කාර්යාලයේ රැකවරණ ලබා සිටින බවත් තානාපතිවරයා පවසයි.

ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් අධ්‍යාපනය ලබන ‘පොකාරා’ නගරයට භූමිකම්පාවෙන් හානි සිදු වී ඇතත් ඔවුන් පිළිබඳව සිදු කළ විමසීම්වල දී එම ශිෂ්‍යයන් සුරක්ෂිතව සිටින බව තහවුරු වී ඇති බවයි තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

බෞද්ධ බැතිමතුන්ගේ පූජනීය නගරයක් වන සිදුහත් කුමරුන් උපත ලද ලුම්බිණියේ සිට බීබීසියට අදහස් දැක්වූ නේපාල ජාතික මෛත්‍රී හිමියන් ද කියා සිටියේ එහි ලඟා වූ වන්දනාකරුවන්ට භූමි කම්පාවෙන් හානියක් සිදු වී නැති බවයි.

විශේෂයෙන් ම මෙම කාලය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ලුම්බිණියට නොපැමිණෙන කාල වකවානුවක් යයි සඳහන් කළ මෛත්‍රී හිමියෝ, ලුම්බිණිය අවට ගොඩනැගිලිවලට හානියක් සිදු වී ඇතත් එහි ජීවිත විනාශයක් වාර්තා වී නොමැති බවයි සඳහන් කළේ. මේ වන විට භූමි කම්පාවෙන් විනාශ වූ ජීවිත සංඛ්‍යාව දහසකට අධික යයි ඇස්තමේන්තු කොට ඇති අතර ලෝකයේ බොහෝ රටවල් නේපාලයට ආධාර දීමට ඉදිරිපත් වී සිටිති.

භූමිකම්පාවත් සමඟ එවරස්ට් කඳු වැටියේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් ගණනාවක් මරණයට පත් වී ඇති බවයි අලුත්ම වාර්තා මගින් පැවසෙන්නේ.
නේපාල භූමි කම්පාව උතුරු ඉන්දියාව ටිබෙට් දේශය සහ බංග්ලාදේශයට පවා බල පා ඇත.

ටිබෙට් දේශයෙන් මරණ හයක් ද බංග්ලාදේශයෙන් එක් මරණයක් ද වාර්තා වී ඇත.

Last modified on Sunday, 26 April 2015 00:20

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us