බොඩිගාර්ඩ් ගාව තිබුණේ පිස්තෝලයක් නෙවෙයි වතුර බෝතලයක් - නාමල්

Published in පුවත්
Tuesday, 28 April 2015 07:52

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අඟුණකොළපැලැස්‌ස ශ්‍රීලනිප සමුළුවට තම ආරක්ෂක නිලධාරියා සහභාගී වූයේ වතුර බෝතලක් අතේ තබාගෙන බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

පිස්තෝලයක් සහිතව තම ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගත් බව දැනගත්තේ මාධ්‍ය මගින් බවත් තම ආරක්‍ෂක නිලධාරීන් කිසිම විටෙකත් ජනාධිපතිවරයකු සහභාගි වන රැස්‌වීමකට ගිනි අවි රැගෙන නොයන බවත් නාමල් රාජපක්‍ෂ මහතා දිවයින පුවත්පතට පවසා තිබේ.

ඒ අනුව, 'තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී ද ඔහු සහභාගි වන රැස්‌වීම්වලට ප්‍රතිපත්තියක්‌ ලෙස සිය ආරක්‍ෂක නිලධාරීන් ගිනි අවි රැගෙන නොගිය බව හෙතෙම කීය.

මේ සම්බන්ධව තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (26 වැනිදා) දැන්වූ බවත් එය එතරම් ගණන් ගතයුතු පුවතක්‌ නොවන බව ජනාධිපතිවරයා තමාට පැවසූ බවත් නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධව සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ අදාළ ආරක්‍ෂක නිලධාරියා රැස්‌වීම නැරඹීමට පැමිණ ඇති අතර ඔහු සතුව තිබී ඇත්තේ සමුළුවට සහභාගි වන පාක්‍ෂිකයිනට ලබාදෙන වතුර බෝතලයක්‌ පමණක්‌ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.'

කෙසේ නමුත් නාමල්ගේම එහෙයියකු වන හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මත්තල ගුවන් තො‍ටුපොළ විමර්ශනයකට පැමිණි එජාප මන්ත්‍රීන්ට තර්ජනය කිරීම සඳහා පිස්තෝලය ‍රැගෙන පැමිණි නමුත් ප්‍රකාශ කළේ එය සෙල්ලම් පිස්තෝලයක් බවය.

මේ අතර, අඟුණකොළපැලැස්‌සේ පැවැති රැස්‌වීමකට පැමිණ සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයට යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල්වරයකු පිස්‌තෝලයක්‌ සඟවාගෙන යැමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම හමුදා කෝප්‍රල්වරයා නාමල් රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරියකු ලෙස කටයුතු කරන අයකු වීම නිසා මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිසිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂාව ලබාදීමේ කාර්යභාරය පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබියදි නාමල් රාජපක්‍ෂ මහතා පමණක්‌ සිය ආරක්‍ෂාව සඳහා යුද හමුදා කොමාන්ඩෝ නිලධාරීන් යොදවා ගත්තේ කෙසේද යන්න ගැටලු සහගත තත්ත්වයක්‌ බව පොලිසිය කියා සිටියි.

මේ අතර නාමල් රාජපක්‍ෂ මහතාගේ රියෑදුරු ලෙස කටයුතු කරන්නේ ද යුද හමුදා නිලධාරියකු බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

අඟුණකොළපැලැස්‌සේ පැවැති රැස්‌වීම් භූමියේ සිටියදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා කෝප්‍රල්වරයා ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් ඒ අවස්‌ථාවේ ම මුදාහැරීම පිළිබඳව ද ඉහළ පෙළේ පරීක්‍ෂණයක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

 

සැබැඳි පුවත් :

නාමල්ගේ ආරක්ෂකයා ජනපති ඝාතනයට අරඇද්දාදැයි පරීක්ෂණ

 

Last modified on Tuesday, 28 April 2015 07:55

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us