මූල්‍ය වංචා විමර්ශන කාර්යාංශයට හොරුන්ගේ විරෝධය

Published in පුවත්
Wednesday, 29 April 2015 06:46

මහා පරිමාණ හොරු සහ වංචාකාරයන් කොතරම් විරෝධය දැක්‌වුවත් පසුගිය කාලයේ සිදුකළ දරුණු ගණයේ මූල්‍ය වංචා විමර්ශනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ආකාරයේ මූල්‍ය වංචා විමර්ශන කාර්යාංශයක්‌ මෙම වසර තුළ මෙරට ස්‌ථාපිත කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඊයේ පර්ලිමේන්තුවේදී ගාමිණී ලොකුගේ විමල් වීරවංශ වැනි මන්ත්‍රීවරුන්ගෙන් මූල්‍ය වංචා විමර්ශන කාර්යාංශය පිහි‍ටුවීඑම කෙරෙහි දැඩි විරෝධයක් එල්ල විය.

ගාමිණී ලොකුගේ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා,මම පොලිස්‌කාරයෙක්‌ නොවේ. අද වන විට රටේ මූල්‍ය අපරාධ රැසක්‌ සිදුව තිබෙනවා. කොටස්‌ වෙළෙඳපොළේ මුදල් ඉවත් කිරීම, මුදල් විශුද්ධිකරණය, ටෙන්ඩර් දමා බොරුවට මුදල් වංචා කිරීම, ඒ කීපයක්‌. මේවා විභාග කරන්න අවශ්‍ය දැනුම පොලිසියට තිබුණේ නෑ. ඒ නිසා එංගලන්තයේ තිබෙන ආකාරයට අපි විශේෂ අංශයක්‌ ආරම්භ කිරීමට පියවර ගන්නවා. දැනටමත් ඇමරිකාවේ සහ ඉන්දියාවේ විශේෂඥයන්ගේ පුහුණුව අපේ අයට දී තිබෙනවා. අපිට දැනුම නැතිනම් පිට අය ඒ සඳහා ගෙන එන්න බෑ. දැන් මේ වංචා සොයන්න පටන් ගත්තාම සමහරුන්ට බඩ යනවා. කවදාවත් මේවා සොයා බලන එකක්‌ නෑ කියලයි හිතුවේ. මේ තොරතුරු අපට දෙන අය ගැන දැනගත්තොත් පුදුමවේවි. අපේ රටේ මෙවැනි මූල්‍ය අපරාධ යළි කරන්න බැරි විදියට මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් අපි දරුණු මූල්‍ය වංචා සෙවීමේ කාර්යාංශයක්‌ පිහිටුවනවා. අල්ලස්‌ කොමිසම හමුවේ ලිපිගොනු දහස්‌ ගණනක්‌ තිබුණා. මේවා හොයන්න එපා කියනවාද? යනුවෙන් පැවැසීය.

ඊයේ පර්ලිමේන්තුවේ පැවැති උණුසුම් කාරී තත්වය තුල දූෂණ චෝදන එල්ලවී ඇති එජනිස මන්ත්‍රී කණ්ඩායම අස්වසාලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම කාර්යාංශය පිහි‍ටුවීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය නීති විරෝධීනම් ඒ අහෝසි කරන බවට ප්‍රකාශයක් නිකුත් කිරීමටද සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එජනිස මන්ත්‍රි කණ්‌ඩායම් රැස්‌වීම පැවැත්විණි.

ජනවාරි 21 වැනිදා ඇමැති මණ්‌ඩලයෙන් අනුමත කර පෙබරවාරි 15 දා ප්‍රකාශයට පත් කළ මෙම ගැසට්‌ පත්‍රයට අනුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති අනු කමිටුවක්‌ද පත්කර ඇත.

Last modified on Wednesday, 29 April 2015 07:05

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us