සන්ධානයේ පක්ෂ ඌවට වෙන වෙනම එති !

Published in පුවත්
Saturday, 26 July 2014 14:38

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් ඌව පළාත් සභා මැතිවරණයේදී වෙන් වෙන්ව තරග කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ව ඌව පළාත් සභාවට වෙනම තරග කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්.ඒ උදයකුමාර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා දුනහොත් ජාතික නිදහස් පෙරමුණ ද වෙනම තරග කිරීමට තීරණය කර ඇත.

ඒ හැරුණු කල ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ඌව පළාත් සභා මැතිවරණයට තනිව තරග කිරීමේ සූදානමක් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

(ලක්බිම)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us