සමෘද්ධි සල්ලි දේශපාලනයට ගැනීම ගැන සජිත්ටත් චෝදනවක්

Published in පුවත්
Thursday, 30 April 2015 06:51

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමෘද්ධි මුදල් වංචනික ලෙස යොදවන බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ (29) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් මේතාක් කාලයක් ඒවා හිමිවිය යුතු දුගී ජනතාව වෙනුවෙන් බෙදා දුන් බවට එම පැමිණිල්ලේ සඳහන් කරන ජගත් කුමාර මහතා සජිත් ප්‍රේමදාස මහතා සමෘද්ධි අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු සමෘද්ධිලාභීන්ගෙන් බාහිරව එක්සත් ජාතික පක්ෂයට උදව් කරන පුද්ගලයන්ට චක්‍රලේඛයක් හරහා රුපියල් ලක්ෂය බැගින් ලබාදීම කරගෙන යන බව ද සඳහන් කර තිබේ.

තවද එම සමෘද්ධි මුදල් එසේ ලබාදීම හරහා මූල්‍ය වංචාවක් සිදුවී ඇති බැවින් ඒ සම්බන්ධව අමාත්‍යවරයාට එරෙහිව පරීක්ෂණ පවත්වන ලෙස ද පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ද එල්ල වී ඇති එක් චෝදනාවක් වන්නේ සමෘද්ධි මුදල් දේශපාලන වුවමනාඅවන් වෙනුවෙන් යොදා ගැනීමය.

Last modified on Thursday, 30 April 2015 06:54

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us