බැසිල්ට අලුත් නීතියෙන් අවුලක් නෑ ලු

Published in පුවත්
Thursday, 30 April 2015 19:02

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙකු නොව ග්‍රීන් කාඩ් හිමියෙකු පමණක් බැවින් ඔහුට 19වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසි බාවය දරන්නෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැක බවට ගෙන ආ නීතිය බාධකයක් නොවන බව වාර්තා වේ.

ව්‍යවස්ථා සම්පාදක ජයම්පති වික්‍රමරත්න පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ ග්‍රීන් කාඩ් හිමියෙකු පමණක් නම් ඔහුට මෙම නිතිය වලංගු නොවන බවයි.

එහෙත් පසුගියදා බහුතර ඡන්දයෙන් සම්මත වූ 19වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පාරිලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව අහිමිවී ඇත.

එමෙන්ම යම් කිසි ලෙසකින් පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා වන ප්‍රේමකුමාර් ගුණරත්න මහතාද ඕස්ට්‍රේලියානු පුරවැසියකු බැවින් ඔහුටද මේ නීතිය වලංගුවන නමුත් ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිව නොමැත. මේ වන විට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම නිසා ඔහුව මෙරටින් පිටිවහල් කිරීමට තීරණය වී ඇතත් මේ දක්වා ඔහුව අත් අඩංගුවට ගැනීමක් සිදුව නොමැත.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us