සෝමවංශ උපවාසයක

Published in පුවත්
Friday, 01 May 2015 11:29
ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරස්‍රයේ උපවාසයක් ආරම්භ කර තිබේ.
 
ඉකුත් ජනාධිපතිවරණ‍ය පැවති දිනට පසුදින අළුයම සිදුවීයයි කියනු ලබන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් හා නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හෙතෙම මෙම උපවාසය ආරම්භ කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
 
එදින කුමන්ත්‍රණයක් සිදුවූ බව දන්නා බොහෝ දෙනෙකු සිටින බවත්,කරනු ලබන පරීක්ෂණයකට ඔවුන් සහය ලබාදෙන බවත් එය අනිවාර්යයෙන් කළ යුතුව ඇති බවත් සෝමවංශ අමරසිංහ මහතා අද දෙරණට ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
 
එදින සිදුවූ කුමන්ත්‍රණය නැවත වතාවක් එළඹෙන මහමැතිවරණයකදී වුව සිදුවිය හැකිව පවතින බවත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට එයින් තර්ජනයක් එල්ලවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
 
ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම ලක්ෂ 62ක ජනතාවගේ යුතුකම හා වගකීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us