ජෝන් කෙරී ජනපති හමුවෙයි

Published in පුවත්
Saturday, 02 May 2015 16:53

මේ වන විට දිවයිනට පැමිණ සිටින අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුව අද (02)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. විශේෂ කාරණා රැසක් පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු වූ බව වාර්තාවේ.

වගවිමේ ක්‍රියාවලිය සඳහා දින සියයේ වැඩපිළිවෙළ තුළින් නව ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබඳ අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය ප්‍රශංසාව පළ කර තිබේ.

එම කටයුතු ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සෑම සහයක්ම ශ්‍රී ලංකාවට ලබාදෙන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති මාලාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියාව සහතික වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවත්, එම සුභවාදී ආකල්පය මත ශ්‍රී ලංකාවට පැමිණි බවත් ජෝන් කෙරී මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

අමෙරිකාව අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදුන් ආර්ථික දායකත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වෙත ස්තුතිය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමේ නිලධාරින්ට, පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවේ නිලධාරින්ට දූෂණ මැඩලීමට අවශ්‍ය පුහුණුව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට ජෝන් කෙරී එහිදි කැමැත්ත පළ කර තිබේ.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලෙක්ම් ජෝන් කෙරී මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කර තිබේ.

ජෝන් කෙරී මහතා අද පස්වරු පහට පමණ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර කේන්ද්‍රය විසින් සංවිධාන කරන මහජන සම්මන්ත‍්‍රණයකටද සහභාගි වීමට නියමිතය. එමෙන්ම ඔහු හෙට දෙමළ ජාතික සන්ධානය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. අමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ශ‍්‍රී ලංකාවේ මෙලෙස නිල සංචාරයක නිරත වන්නේ 1972 වසරට පසුවය. ජෝන් කෙරී මහතා සිය ශ‍්‍රී ලංකා සංචාරය නිමකරමින් යළි හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us