මහින්දට අන්තිමට ඉතුරු වුනේ විමල් විතරලු

Published in පුවත්
Sunday, 03 May 2015 10:16

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේත් ඉන් පිටත කාමර හා කමි‍ටු ශාලාවලත් පැවැති පොදු හා රහසිගත සාකච්ඡාවල තොරතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වාර්තා කිරීමට අවසානයේ ඉතුරුව සිටියේ විමල් වීරවංශ මහතා පමණක් බව රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග පවසයි.

පැවැති සෑම සාකච්ඡාවකින් පසුව වීරවංශ මහතා එම ස්ථානවලින් පිටතට පැමිණ සිය ජංගම දුරකතනයෙන් රාජපක්ෂ මහතාව දැනුවත් කර ඇති අතර ඔහුගේ උපදෙස් මත ක්‍රියා කර ද තිබේ. 19 වන ව්‍යවස්ථාවේ බොහො යෝජනා සඳහා සංශෝධන ගෙන ආවේ එම උපදෙස් මතය.

කෙසේ නමුත් මෙම සංශෝධය සම්මත කිරීම සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුල ‍රැඳී සිටිමින් කළ මෙහෙයුම අතර වාරයේදී රාජපක්ෂ හිතyවාදීන් ලෙස කටයුතු කළ මන්ත්‍රීවරු ගනනාවක් සිරිසේන මහතාට සමිපවීම සිරිසේන මහතා ලත් තවත් ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු වාර්තා කරුවන් පෙන්වා දෙයි.

මෙලෙස තමන් වටා සිටි විශාල මන්ත්‍රීවරු පිරිසක් සිරිසේන මහතා ට සහය දීමට ඉදිරිපත් වීම නිසා මහින්ද රාජපක්ෂ මහතා, රාජපක්ෂ හිතවාදින් විසින් කිරුලපනදී පැවැත්වූ මැයි දින රැලිය සඳහා සහභාගී වීමද අත්හැර දැමීමට හේතුවී තිබේ. එමෙන්ම අඩු ජන සහභාගිත්වයද මේ සඳහා බලපා තිබිණි.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයට වෙනම කණ්ඩායකම් ලෙස තරග කිරීමට තිබු අදහසද මේ වන විට අත් හැර දමා තිබේ. මේ වන විට එම කණ්ඩායම උත්සහ කරමින් සිටින්නේ එජාප විරෝධි සටන් පාඨ කිහිපයක් මතුකර කෙසේ හෝ ශ්‍රී ලනීපයට සමඟ මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ කඩක් ලබා ගැනීමටය.මේ වෙනුවෙන් විපක්ෂ නායක නිමල් ඉසිරිපාද සිල්වා මහතා සහතිකයක් ලබා දී තිබෙන බවද එම කණ්ඩායමට සමිප ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us