මෛත්‍රී ප්‍රතිපත්තිය දැකගන්න ඔබාමා ලංකාවට !

Published in පුවත්
Monday, 04 May 2015 06:41

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති මාලාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව සහතික වනු ඇති බවත් තමා ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළේ එම සුබවාදී ආකල්පයන් සමග බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම්ජෝන් කෙරී මහතා පවසයි.

එම සුබවාදී තත්ත්වය මත ඇමරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමා මහතාට හැකිනම් ලබන වසරේ සිය ආසියානු සංචාරය තුළදී ශ්‍රී ලංකාවට පැමිණීමේ අවශ්‍යතාව පෙන්වාදීමට කටයුතු කරන බවද ජෝන් කෙරී මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පෙරේදා (02දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්‌ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ දූෂණ මැඬලීම සඳහා අල්ලස්‌ දූෂණ කොමිසමේ නිලධාරීන්ටත් පොලිසියේ සහ අපරාධ පරීක්‌ෂණ නිලධාරීන්ටත් පුහුණුව ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමට ඒ මහතා එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව එහි ඉදිරි වැඩකටයුතු සූදානම් කරන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්‌මාල් මහත්මියට උපදෙස්‌ දී තිබේ.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් කර දූෂණ වංචා අවම කර වගවීම සහතික කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින 100 වැඩපිළිවෙළ තුළින් ගෙන ඇති පියවරද ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ පැසසුමට ලක්‌ වී තිබේ.

ඇමරිකාව අඛණ්‌ඩවම ශ්‍රී ලංකාවට ලබාදුන් ආර්ථික දායකත්වය පිළිබඳ මෙහිදී තම ස්‌තූතිය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුනාමි ව්‍යසනය සිදුවූ අවස්‌ථාවේ දැක්‌වූ ඉහළ දායකත්වය පිළිබඳවද කෘතවේදීත්වය පළ කළේය.

ශ්‍රී ලංකාව සමග සබඳතා ඉතා වැදගත් කොට සලකන බවත් එම සබඳතා ඉදිරියට ගෙන යැම සඳහා දෙරටේ ඒකාබද්ධ වාර්ෂික සාකච්ඡා වටයක්‌ ස්‌ථාපිත කිරීමට පියවර ගන්නා බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදා භටයින් තවදුරටත් එක්‌සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට යොමුකර ගන්නා ලෙසද ජනාධිපතිවරයා ජෝන් කෙරී මහතාගෙන් ඉල්ලා සිටියේය.

චීනය සහ ඉන්දියාව සමග පවත්වන සබඳතා පිළිබඳ ජෝන් කෙරී මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විදේශ සබඳතාවලදී සම්පූර්ණයෙන් මධ්‍යස්‌ථ වූ නොබැඳි පිළිවෙතක්‌ අනුගමනය කරන බවයි. සිය අසල්වාසී රටවන ඉන්දියාව සමග සුවිශේෂි මිත්‍ර සබඳතා ඇති බව පැවසූ ජනාධිපතිවරයා චීනය මෙරටේ සිදු කර ඇති විශාල ආයෝජන රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය සේ සලකන බවද පැවැසීය.

කෙසේ වුවද ශ්‍රී ලංකාව එක්‌ රටක්‌ සමග මිත්‍ර සම්බන්ධතා පවත්වාගෙන යැමේදී තවත් රටක සබඳතාවලට බලනොපාන අයුරින් එම සබඳතා පවත්වාගෙන යන බව හෙතෙම මෙහිදී සහතික කළේය.

රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළට සෑම රටකම සහයෝගය අවශ්‍ය බැවින් මෙම නොබැඳි විදේශ ප්‍රතිපත්තිය වැදගත් බව ජනාධිපතිවරයා රාජ්‍ය ලේකම්වරයාට පෙන්වා දුන්නේය.

විදේශ බැංකුවලට ඇතැම් ශ්‍රී ලාංකිකයන් සඟවා ඇති විශාල මුදල් ප්‍රමාණය පිළිබඳ සොයා බැලීමට එක්‌සත් ජනපදයේ සහාය මෙහිදී ජනාධිපතිවරයා ඉල්ලා සිටි අතර රාජ්‍ය ලේකම්වරයා ඊට සිය එකඟත්වය පළ කළේය.

ඇමරිකානු මුදල් අමාත්‍යාංශයට යම් රටවලට පැනවූ ආර්ථික සම්බාධක පිළිබඳ අත්දැකීම් තිබෙන බැවින් එම කටයුතුවලට දායකත්වය ලබාදිය හැකි බව රාජ්‍ය ලේකම්වරයා පැවැසීය.

1972 න් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්‌ථාව මෙය වන අතර එය තම රජය ලැබූ ගෞරවයක්‌ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසූ අතර ශ්‍රී ලංකා සංචාරය තුළ තමා ලැබූ ආගන්තුක සත්කාර පිළිබඳ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ජනාධිපතිවරයා වෙතත් ශ්‍රී ලංකා රජය වෙතත් සිය ස්‌තූතිය පළ කර සිටියේය.

 

- දිවයින ඇසුරෙණි

Last modified on Monday, 04 May 2015 06:53

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us