ප්‍රභූ ආරක්ෂක නීති රීතිවල වෙනසක්

Published in පුවත්
Tuesday, 05 May 2015 13:53

යුද හමුදා මුලස්ථානය ප්‍රභූ ආරක්ෂකයන් සඳහා වන නීති රීති මාලාව අලුත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

 
මෙවැනි තීරණයක් ගැනීමට හේතුවී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අඟුණකොළපැලැස්‌සේ පැවැති රැස්‌වීමකට,  හිටපු ජනපතිගේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රියාකරන පුද්ගලයෙකු පිස්‌තෝලයක්‌ සඟවාගෙන පැමිණීමේ  සිද්ධියත් සමගයි.
 
යුධ හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළ පරිදි   එම පුදගලයා හිටපු ජනපතිගේ ආරක්ෂාව සඳහා  අනුයුක්තව සේවය කළ සේනක කුමාර නම් සෙබළෙකි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ එම සෙබළා නාමල් රාජපක්ෂගේ ආරක්ෂාවට සිට ඇත. 
 
යුධ  හමුදා අභන්තර ආරංචිමාර්ගවලට අනුව මෙම ප්‍රශ්නය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව පැවසේ. 
 
හමුදා මාධ්‍ය  ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයන්ත ජයවීර පවසා ඇත්තේ දැනටමත් යුද හමුදා පොලීසිය පරීක්ෂණ කටයුතු සිදුකරමින් යන බවයි. පොලීසිය විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන්  නාමල් රාජපක්ෂගේ කට උත්තරයක් ලබාගැනීමට නියමිතයි. 
 
මේ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් සහ හමුදා නිලධාරීන්ට අනුව පාරිලිමේන්තු මන්ත්‍රීවරයෙකුට යුධ හමුදා ආරක්ෂකයින් සපයනු නොලැබේ. සාමාන්‍ය ලෙසම සිය පියාගේ ආරක්ෂකයින් තමන්ගේ ආරක්ෂාව සඳහා පාවිච්චි කිරීම නාමල් රාජපක්ෂගේ සිරිතකි. තවමත් එය එලෙසම සිදුවන බව මේ සිදුවීම ශාක්ෂි දරයි. 
 
එසේම මෙම සිද්ධිය  අප්‍රේල් 25 ද සිදු වුවත් සැකකාර සෙබළා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මෙම මස 2 දායි. මෙම ප්‍රමාදය සම්බන්ධයෙන්ද සැක මතුව තිබේ. සැකකාර සෙබළා මැයි 12 දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇත. 
 
මේ පිළිබඳව අදහස දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ සැකකාර සෙබළා සතුව තිබුනේ වතුර බෝතලයක් පමණක් බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමක්ද සිදු කර ඇති බව පැවසේ.  

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us