පාර්ලිමේන්තුව විසුරුවීමට කාලයයි-ලක්ෂ්මන් කිරිඇල්ල(audio)

Published in පුවත්
Wednesday, 06 May 2015 15:13

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු මේ මස අග භාගයේදී සිදු කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය විශ්වාසය පළ කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, සභා නායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ අද (06)පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවන තුරු තම පක්ෂය ද ඉතා නොඉවසිල්ලෙන් බලාහිඳින බවයි.

මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති,තීරණ ක්‍රියාත්මක කිරීමට පත්වූ පාර්ලිමේන්තුව දැන් වෙනස් විය යුතු බවත් නව ජනාධිපතිවරයෙක් සමග නව පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවත් පැවසුවේය. පරණ අයට ඉවත්වීමටත් නව අයට පැමිණීමටත් කාලය එළඹ ඇති බව ඔහු පැවසුවේය.

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දින සියය‍ වැඩසටහනට අදාළව ලබා දුන් පොරොන්දු අතර තේවලට සහතික මිලක් ලබා දීම,රබර් වලට සහතික මිලක් ලබාදීම,සෑම වතු කම්කරුවෙකුටම පර්චස් 7 ක බිම් කැබැල්ලක අයිතිය ලබාදීම සහ බාල පොහොර භාවාතය අවම කිරිම යන පොරොන්දු ඉටු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ඔහු සදහන් කළේය.

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/kirialla-1mp3{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us