එල්ටීටීඊ රත්තරන් තොගය ගැන ලියකියවිලි පුළුස්සලා ! Featured

Published in පුවත්
Thursday, 07 May 2015 19:38

එල්ටීටීඊ සංවිධානය සතුව තිබී හමුදා භාරයට ගන්නා ලද රත්තරන් හා මුදල් මහා භාණ්ඩාගාරයට ලබා දීමේදී ඒ වෙනුවෙන් භාණ්ඩාගාරය හා යුධ හමුදාව අතර හුවමාරු වූ ලියැවිලි පසුව රාජපක්ෂ පවුලේ ප්‍රබලයකුගේ උපදෙස් පරිදි පුළුස්සා දැමිමට කටයුතු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ.

එම හේතුවෙන් මේ සම්බන්ධ කිසිදු ලියැවිල්ලක් යුධහමුදාව සතුව නොමැත.

එල්ටීටීඊ සංවිධානයෙන් අත්පත් කර ගන්න ලද රත්තරන් හා මුදල් ප්‍රමාණය ගැන කිසිදු ලියැවිල්ලක් නොවීම හේතුවෙන් මෙම රත්තරං තොගය හා මුදල් ප්‍රමාණය කොපමනදැයි සොයා ගැනීමට නොහැකිව ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා හෙළිකර සිටියේදී උතුරෙන් අත් අඩංගුවට ගන්නා ලද නියමිත ක්‍රියා පටිපාටිය අනුව රත්තරන් හා මුදල් රජයට භාර දුන් බවය. මෙම රත්තරන් හා මුදල් තොග කොළඹට ප්‍රවාහනය කර තිබුණේ ටැක්ටර් හා ලොරි රථවලින් බවද කියැවේ.

මීට පෙර අවස්ථාවක අප විසින් එල්ටීටීඊ සංවිධානය සතුව තිබී අත් අඩංගුවට ගන්නා ලද රත්තරන් තොගයකින් ටොන් 310 ක් රාජපක්ෂලා හොර රහසේ ජපානයට විකුණා ඇති බව අනාවරණය කෙරිණි. ඒ සම්බන්ධයෙන් සාක්ෂි ද හෙළිදරව් විය. එහෙත් මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්බකළද ඒ මේ වන විට යම් අදිසි හස්තයකින් නවතා දමා ඇති බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාෂකවරයාගෙන් විමැසීමෙදී ඔහු පැවැසූවේ මේ සම්බන්ධයෙන් තමන්ට කිසිවක් කිව නොහැකි බවත් එය ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසන ලෙසත්ය.

 

සැබැඳි පුවත් :

එල්ටීටීඊයේ රත්තරන් ටොන් 310ක් රහසේ ජපානයට විකුණූ බව හෙළිවෙයි.!

Last modified on Thursday, 07 May 2015 19:45

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us