මාතලේ රෝහලේ දැඩි සත්කාරය වසයි

Published in පුවත්
Sunday, 27 July 2014 19:37

මාතලේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලිකව නතර කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා සඳහන් කළේ බැක්ටීරියා ආසදනයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

අදාළ ඒකකය වසා දමා විෂබීජ හරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව අර්ජුණ තිලකරත්න මහතා සඳහන් කළේය.

මාතලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මියගිය රෝගියෙකුගේ රුධිර සාම්පලවල අදාළ බැක්ටීරියාව තිබී ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව එම ඒකකයට රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලිකව නතර කර ඇති අතර එළඹෙන අඟහරුවාදා දිනයේ යළිත් රෝගීන් ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(අද දෙරණ)

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us