නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් කැබිනට් අනු කමිටුව වැඩ අරඹයි

Published in පුවත්
Thursday, 14 May 2015 13:17

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වී ඇති සංශෝධන සම්බන්ධයෙන් යළි සලකා බැලීමට පත් කෙරුණු කැබිනට් අනු කමිටුව අද(14) පළමු වරට රැස්වේ. දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වූ සංශෝධන සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.


නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වූ සංශෝධන පිළිබඳ යළි සලකා බැලීම සඳහා කැබිනට් අනුකාරක සභාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පත්කෙරුණි. සැම පක්ෂයකම අදහස් සැලකීමට ගෙන ඡන්ද ක්‍රමය සංසෝධනය කිරීම සදහා මෙම කමිටුව පත් කළේය. සරත් අමුණුගම, ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, එස්.බී. දිසානායක, රවුෆ් හකීම් සහ පී. දිගම්බරම් යන මහත්වරුන් එම කමිටුවට ඇතුළත්ය.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වූ සංශෝධනද ජනාධිපතිවරයා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. කැබිනට් අනුකාරක සභාවේ වාර්තාව ලැබෙන තුරු නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වූ කෙටුම්පතට අනුමැතිය ලබාදීම කල්දැමීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us