සිසුවිය දූෂ්‍ය කර මරා දැමූ 8ක් සැකපිට අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 19 May 2015 06:26

කයිට්ස්, කුන්කුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවියක් සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අටදෙනකු කයිට්ස් පොලිසිය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

කුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි ශිවයෝගනාදන් විද්‍යා (17) නැමැති මේ පාසල් සිසුවිය ඉකුත් 13දා ඇය පාසල් යන අතරතුර පෙරවරු 7.10ට පමණ සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

පසුව එම ප්‍රදේශයේ වන ලැහැබක් තුළ අමානුෂික ලෙස අත් පා ගැට ගසා ඇය ඝාතනය කැර සිටියදී පොලිසිය විසින් 14 දින මළ සිරුර සොයා ගන්නා ලදී.

ඇයගේ මුඛයට රෙදි කඩක් ඔබා හුස්ම සිරකර ඝාතනය කැර තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මේ ඝාතනය අභිරහසක්ව තිබියදී ‍කයිට්ස් පොලිසියේ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා මුලින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ගෙන් ලද තොරතුරු මත සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් පස්දෙනා ඊයේ (18) අත්අඩංගුවට ගත් අතර ඝාතනයට ලක් වූ සිසුවියගේ ඥාතීන් වන එකම පවුලේ සහෝදරයින් දෙදෙනකුද සැකකරුවන් අතර සිටිති. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (18) කුඩිකට්ටුවාන් පොලිස් මුරපොළට රැගෙන ආ අවස්ථාවේ කුපිත වූ ප්‍රදේශවාසීන් ඔවුන්ට පහරදීමට උත්සාහ කැර තිබෙන අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනකුටද තුවාල සිදුව ඇත. පසුව නාවුක හමුදා බෝට්ටුවකින් මේ පිරිස යාපනේ පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම් ආරම්භ කැර තිබේ.

උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, නියෝජ්‍ය පොලිස්පති යු.කේ. පෙරේරා, යාපනය සහකාර පොලිස් අධිකාරී II සේනාරත්න, කයිට්ස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුයින්ටන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඉරාන්, ‍පොලිස් සැරයන් 32520 තෙන්නකෝන්, පොලිස් සැරයන් 29330 අමරසිංහ, පොලිස් ‍කොස්තාපල් 89341 ගෝපික්‍රිෂ්ණන් ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ.

dinaminapundudu manavi rapist 003

pundudu manavi rapist 001

Last modified on Tuesday, 19 May 2015 06:57

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us