ෆොන්සේකාගේ මන්ත්‍රී ධුරය ගැන පෙත්සම 29දා විභාග කෙරේ

Published in පුවත්
Tuesday, 19 May 2015 13:00

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ඔහුට ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ලබන 29 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(19) තීරණය කර තිබේ.

ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම කැඳවු අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දැනුම් දී ඇත.

සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්‍රිය ආනෝල්ඩ් ද සිල්වා මහතා විසින් පසුගිය පෙබරවාරී 25දා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

නිසියාකාරව ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අවසර දෙන්නැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට එම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වු බවට, එම මන්ත්‍රී අසුන පුරප්පාඩු වු බවට, ඒ වෙනුවට ජයන්ත කැටගොඩ මහතා පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදන ක්‍රියාත්මක වීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

පාර්ලිමේන්තු මහ‍ෙල්කම් ධම්මික දිසානායක, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, ජයන්ත කැටගොඩ ඇතුළු අටදෙනෙකු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇතැයි සඳහන්ය.

යුද අධිකරණය මගින් වරදකරුවෙකු වීමෙන් පසුව තමන්ගේ මන්ත‍්‍රී ධුරය අහිමි වූ බවත් මේ වන විට තමන් සියලූ චෝදනාවලින් නිදහස් කර ඇති බැවින් මන්ත‍්‍රී ධුරය දැරීමට හැකියාවක් ඇති නිසා ජයන්ත කැටගොඩ මහතාගේ මන්ත‍්‍රී ධුරය අවලංගු කරන ලෙස එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us