ඔහු මේබව කියා සිටියේ, ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුත්තේ ඇයි?’ යන මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (24) සංවිධානය කොට තිබු සම්මන්ත‍්‍රණය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
''සාධාරණ සමාජයක් සඳහා වූ කියලා කට්ටියක් එකතු වුණා. අපේ අතිපූජනීය මාදුළුවාවේ සෝභිත ලොකු හාමුදුරුවොත් හිටියා එතැන. උන්වහන්සේ ඉතිහාසය පුරාම රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් කැප කිරීමක් කරපු හාමුදුරු කෙනෙක්. අපේ ගෞරවය තියෙනවා අපේ හාමුදුරුවනේ. ඒ ඇරෙන්න කවුද එතැන හිටියේ. චෞර රැජින කියලා පොත ලියපු වික්ටර් අයිවන් මහත්තයත් හිටියා, චෞර රැජිනත් හිටියා. ෆොන්සේකා මහත්තයාට යුද හමුදාවේ නෙවෙයි ගැලවීමේ හමුදාවේ නායකත්වයටවත් මෙයා සුදුසු නැහැයි කියපු මංගල මහත්තයත් එතැන හිටියා ෆොන්සේකා මහත්තයත් එතැන සිටියා.'' යයි ද අලහප්පෙරුම අමාත්‍යවරයා කියා සිටියේය.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														