ඊයේ(27) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මේ බව පැවසීය.
වෙලේ සුදා වැඩි කාලයක් පකිස්‌තානයේ ගැවසෙන අතර ඔහු ඇතැම් අවස්‌ථාවලදී රටින් රටට කට්‌ටි පනින බවට තොරතුරු ලැබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පෙන්වා දෙයි.
එමෙන්ම මේ වන විටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කිඹුලාඇළ ගුණා (සින්නයියා ගුණසේකරම්) ජාත්‍යන්තර පොලිසිය මගින් අත් අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර ඇත.
කිඹුලාඇළ ගුණා වැඩි වශයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ගැවසෙන අතර ඔහු පසුගිය කාලවලදී මෙරට පුද්ගලයන් හා දුරකථනවලින් කතාබහ කර ඇති බව වාර්තා වී තිබේ.
 
කෙසේ නමුත් මෙම මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන් දෙදෙනාම මෙරට දේශපාලකයන් කිහිප දෙනෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අය බව හෙළිවී තිබේ.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														